බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට ඊයේ (14) සහභාගි වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
“පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ මහතා රටටම අවශ්‍ය නායකයෙක් කියලා. එතුමගේ තියෙන දැනුම, අද්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියලු දෙනාම ඉන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයතු ඉතාමත් හොදින් කරගෙන යනවා. එම පරික්ෂණ කටයුතු හොදින් කරගෙන යනවා කියලා අපේ කාදිනල් හිමිපාණන් පවා පිළිගෙන තිබෙනවා. කොමිෂන් වාර්තාව ලබාදුන්න ගමන් ඒ සඳහා නිත්‍යානුකූල පියවර ගැනීමට තමා අපි ආණ්ඩුවක් වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
කොවිඩ් 19 වැඩිවෙනකෙට ජනතාව ආරක්ෂා කර ගැනීමට පහසුවෙන් හා අඩු වියදමකින් කරන්න පුළුවන් දේ තමා ඇන්ටිජන් කට්ටල ගෙන්නලා ජනතාව පරීක්ෂා කරන එක. එමගින් කොවිඩ් 19 ට ගොදුරු වෙලාද නැතිද කියලා බලන එක. එවැනි පහසු ක්‍රමයකට බලන්න තියෙන උපකරණ ගේන එකට ඇයි විපක්ෂය විරුද්ධ වෙන්නෙ. විපක්ෂයට පැහැදිලිව ඕනේ වෙලා තියෙන්නෙ කොවිඩ් වැඩි වෙලා, මිනිස්සු මැරිලා,

Comments
Post a Comment
Your comment will be visible after approval