පේරාදෙණිය විශ්වවිද්‍යලයේ කෘෂිකර්ම පීඨයේ කාර්යාලය වෙත පැමිණි පුද්ගලයකු එම පරිශ්‍රයේ ඇද
වැටී මරණයට පත්ව ඇත.
විශ්වවිද්‍යාල සේවා සැපයුම් ටෙන්ඩර් පත්‍රිකාවක් ලබාගැනීම සඳහා ඊයේ (11දා) දහවල් කාලයේ
මෙම පුද්ගලයා කෘෂිකර්ම පීඨ කාර්යාලය වෙත පැමිණ ඇති අතර එහිදී හදිසියේම ඇද වැටී ඇති මෙම
පුද්ගලයා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යැවීමට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇත. මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය
සිදුකිරීමට නියමිතව තිබූ අතර මරණයට පත්වූ පුද්ගලයා මහනුවර, අනිවත්ත ප්‍රදේයේ පදිංචි එස්.කේ.
කුලතුංග නමැති 71 හැවිරිදි අයෙක් බව පොලිසිය හඳුනාගෙන ඇත. මියගිය පුද්ගලයා පී.සී.ආර්.
පරීක්ෂණයකටද යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.
මහනුවර - කේ.එල්. සුරවීර

Comments
Post a Comment
Your comment will be visible after approval