මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් ලෙස හැගවූ ජංගම දුරකථනය ඔස්සේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනවලට ඇමතුම් ලබාගෙන විවිධ බලපෑම් කර ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් ලබාගන්නා ව්‍යජ මහජන සෞඛ්‍ය පරීක්ෂක කල්ලියක් සොයා තෙල්දෙණිය පොලිස් මූලස්ථානය පරික්ෂණ ආරම්භ කර ඇත. මෙම වංචනික කල්ලියේ කීප දෙනෙකු මේ අයුරින් තෙල්දෙණිය පොලිස් වසමේ ප්‍රධාන වෙළෙඳ ආයතනයකින් සහ සංචාරක නිකේතනයකින් ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ
දිගන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කළමනාකරුවකු මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි. මෙම ව්‍යාජ කල්ලිය කිසිදු අවස්ථාවක මහජනතාව හමුවට නොවන බවත්, ඔවුන් දුරකථන මගින් තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව දැනුම් දෙමින් මෙලෙස ව්‍යාපාරිකයන්ට බලපෑම් කරන බවත් තෙල්දෙණිය පොලිස් මූලස්ථානය සඳහන් කරයි. වංචනික කල්ලිය අල්ලාගැනීම සඳහා තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෙස්රම් මහතාගේ මෙහෙයවීම මත තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
-ජේ.ඒ.එල්. ජයසිංහ-

Comments
Post a Comment
Your comment will be visible after approval