
පන්නිපිටිය ප්‍රදේශයේ වාසය කරන මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිදුවීමක් නිසා අත්අඩංගුවට පත්ව තිබේ.
වාර්තාවන ආකාරයට
පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව වෛද්‍යවරයාගේ වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බව පොලිසිය වාර්තා කර තිබේ.
මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval