පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගැබිනි මවුවරුන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම කාන්තාවන් දෙදෙනා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි අය බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරීහු සඳහන් කළහ.
ඉකුත් දාහත් වැනිදා කාන්තාවන් දෙදෙනා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මොවුන් දෙදෙනාට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් දෙදෙනා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කළ බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොරමුදලි මහතා සඳහන් කළේය.
මෙම සිද්ධියත් සමගම පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිද්ධියට අදාළ වාට්ටුවල සේවය කළ හෙද නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ PCR පරික්ෂණ සිදුකළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
- සමන් කාරියවසම් -

Comments
Post a Comment
Your comment will be visible after approval