
තිඹිරිගස්යායේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එහි සේවයේ නියුතු පොලිස් පරික්ෂකවරියක ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන්
තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ පොලිස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 6000කට ආසන්න පිරිසක් සිටිය බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා කොට්ඨාසයෙන් ආසාදිතයන් 16 දෙනකු ද පරිසර ආරක්ෂණ කොට්ඨාසයෙන් ආසාදිතයන් 12 දෙනකුද ඉකුත් දින කිහිපයේදී වාර්තා වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කැරැලි මර්දන ඒකකය, පොලිස් අවි ගබඩාව, මෙන්ම පොලිස් නිල නිවාස සහ බැරැක්ක ද මෙම පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පිහිටුවා තිබේ.
- නිමන්ති රණසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval