මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍රයක කොටසකට හිස සිරවීමෙන්
ඉන්දියානු ජාතික තරුණයෙක් 11දා මියගිය බව මිල්ලනිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කේ. මහේන් නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
ටයිල් කැට නවය බැගින් ස්වයංක්‍රියව ඔසවන යන්ත්‍රයක කොටසකට ඔහුගේ හිස සිර වී ඇතැයි
පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් ස්ථානයක සේවය කරන අතර ටයිල් කැට මත සිට විවේක ගනිමින් සිටියදී
ඔහුට නින්ද ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර දුටු ආරක්ෂක නිලධාරීහු වහා ක්‍රියාත්මක වී සෙසු පුද්ගලයන් සමඟ බරපතළ තුවාල ලබා සිටි
පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත
පරීක්ෂණ පැවැත්වේ.
කොළඹ _ එම්.සී. පෙරේරා

Comments
Post a Comment
Your comment will be visible after approval