මොරටුව මෝල්පේ සමරකෝන් ඉඩම ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ නිවෙසක පුද්ගලයකු
(11දා) මිය ගොස් ඇත. මෙහිදී මිය ගොස් ඇත්තේ වර්ණකුලසූරිය මහපටබැඳිගේ ගාමිණි පෙරේරා (68)
නමැති තිදරු පියකු වේ.
මරණයට හේතුව
තත්ත්වයන්ගෙන් පෙළී සිටි අයකු වන අතර අංශබාග රෝගී පුද්ගලයකු බව මොරටුව මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරයකු පැවැසීය. මිය ගිය පුද්ගලයාගේ බෑනා වෙත මින් පෙර කොවිඩ් ආසාදිත බව තහවුරු
වීමෙන් පසු එම පවුලේ සිය දෙනා නිරෝධායනයට යොමු කර තිබිණි. දින 14 සම්පූර්ණ වීමට එක් දිනක්
තිබියදී මෙම මරණය සිදු වී ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.
මිය ගිය පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අවමංගල්‍ය කටයුතු සිදු කරන බව මොරටුව
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.ඩී. ප්‍රසන්න පැවැසීය.
පසුගියදා මොරටුමුල්ල ප්‍රදේශයේ ආසාදිතයන් 12 දෙනකු වාර්තා වූ අතර ඔවුන් අතරින් 6 දෙනකු සුවය
ලබා නිවෙස්වලට පැමිණ ඇතැයි මොරටුමුල්ල පොලිසියේ පොලිස් නිලධාරියකු පැවැසීය.
මොරටුව - ඉරංග ප්‍රනාන්දු

Comments
Post a Comment
Your comment will be visible after approval