තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති  කොටි පක්ෂයේ  මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා  අද(12) අත් අඩංගුවට ගෙන තිබේ.


කොළඹ සිට පැමිණි  අපරාධ පරීක්ෂණ  අංශ නිලධාරීන් විසින් අද  උදෑසන  ඒ මහතා   මඩකලපුවේදි අත් අඩංගුවට ගෙන තිබිණි.    
 
2008   වසරේ  ආරයම්පතිහි ද්විත්ව ඝාතන නඩුව සම්බන්දව  ඔහු සාක්කිරුවන්ට තර්ජනය කළැයි  මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
මඩකලපුව දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී  ජෝසප් පරරාජසිංගම්  2005.12.25වන දින  මඩකලපුව  ශාන්ත මරියාල් දෙව් මැදුරතුළ  නත්තල් සමරමින් සිටියදී ඝාතනය කරන ලද සිද්ධිය සම්බන්ධව  අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරන කමිටු සම සභාපති සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත්  ටි එම් වී පි පක්ෂයේ මහ  ලේකම් ප්‍රෂාන්තන්  පසුගිය මහ මැතිවරණයේ තරග කර ඡන්ද 16,000 ක් ලබා තිබීම විශේෂත්වයකි

( ටී එල් ජවුෆර්ඛාන් )