මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවකු රෝගී වීමෙන් අනතුරුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. 
වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර එවා තිබියදී පාකිස්තානු ජාතික සිරකරුවා රෝගී වී ඇති අතර, අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඩ් ආසික් නමැති 45 හැවිරිදි පාකිස්තානු ජාතික සිරකරුවෙකි. ඔහු වකුගඩු රෝගී තත්වයෙන් පෙළුණු පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.  ජීවිතක්ෂයට පත්වූ පාකිස්තානු සිරකරුවාට 'කෝවිඩ්-19' වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මළසිරුර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ.


 - ටෝනි කරුණාරත්න-