
2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල්
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval