කොළඹ නන්දා මෝටර්ස් වාහන අංගනයට කඩා වදිමින් තරුණියක පැදවූ ටොයොටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය අනතුරක් සිදුකරගත් පසු එම ස්ථානයට පැමිණි පිරිස් ජංගම දුරකථන වලින් විවිධ වීඩියෝ ගත කිරීම් ඡායාරූපගත කිරීම් සිදුකරන්නට වූ අතර එම අවස්ථාවේ අදාළ තරුණිය ඒවාට නොකැමතිවූ බව පැවසේ.

මේ අතරවාරයේ කිසියම් අයෙකු ඇය වෙනුවෙන් වාහනයේ අංක තහඩු ඉවත් කර ඇත්තේ අනන්‍යතාවය සැඟවීමටය.
පොලිසිය බලා සිටියදීම අංක තහඩු ඉවත්කරන්නට එම පුද්ගලයා කටයුතු කරන ලදි. (අනතුර සිදුකරන්නේද පොලිස් නිලධාරියෙකුගේ දියණියක බවට වාර්තා විය)
කෙසේ වෙතත් වාහනයේ අංකය වන සීඒබී 2688 ඒ වනවිටත් ඡායාරූපගතවී ඇති අතර එහි විස්තර අනුව 2013 ලියාපදිංචි කළ මෙම ලෑන්ඩ් කෘසර් වාහනය මූල්‍ය ආයතනයක් හරහා ලබාගෙන ඇති එකක් බව අන්තර්ජාලයෙන් තහවුරුවී ඇත.