පසුගිය 15 වන දින සවස වර්ෂාව පැවතුණ අවස්ථාවක කීල්ස් සුපර් සුපිරි වෙළෙඳ සැලක ඇතුළට වාහනයක් කඩාවැදීම නිසා සිදුවූ අනතුරක වීඩියෝවක් මේ සමග දැක්වේ.
වැඩිහිටි යුවළක් පැමිණි වාහනයේ භාණ්ඩ ලබාගැනීම කාන්තාව විසින් සිදු කරගත් පසුව වර්ෂාව නිසා වාහනය සුපිරි වෙළෙඳ සැලේ දොර අසළටම රිවර්ස් කරවාගෙන බඩු පැටවීම සිදු කරන අතර ඇය බඩු පටවමින් සිටින අතරවාරයේ කිසියම් හේතුවක් නිසා රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා වාහනය නැවත රිවර්ස් කරන්නට පටන් ගනී. එසේ රිවර්ස් කිරීම නිසා බඩු පටවමින් සිටි කාන්තාවද තල්ලු කරගෙන වාහනය පිටුපසට ඇදෙන අතර සුපිරි වෙළෙඳසැලේ වීදුරු දොර මුළුමණින්ම කඩාගෙන වාහනය වෙළෙඳ සැල ඇතුළට යයි. ඒ අවස්ථාවේ වෙළෙඳ සැලට ඇතුළුවන්නට පැමිණි කාන්තාවන් දෙන්නෙකුද වාහනයට යටනොවී බේරෙන්නේ අනූනමයෙනි.
වාහනය පසුපසට යැවූ රියදුරු අනතුරුව වෙළෙඳ සැලට කුඩයක්ද ඔසවාගෙන පැමිණෙන අයුරු සීසීටීවී සටහනේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval