කළුතර බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය  හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.


බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොවිඩ්-19 ආසාදිතයින් 17දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒ අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කර තිබේ.