මහනුවර දිස්ත්‍රික්කයට අයත් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් ඊයේ දිනයේ කොවිඩ් 19
ආසාදිතයින් නව දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්
වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත්
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද අකුරණ සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම කොට්ඨාසයේ ග්‍රාම නිලධරි වසම් දෙකක් තවදුරටත් හුදකලා කර තිබේ.
මෙලෙස හුදකලා කර ඇත්තේ අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ
තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකයි.
මොහොමඩ් ආසික්

Comments
Post a Comment
Your comment will be visible after approval