
කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මේ හේතුවෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය හුදෙකලා කර තිබේ.
මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන මහතා සඳහන් කරයි.
පවත්නා කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදෙශය හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇති බව දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා සඳහන් කරයි.දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මේ අනුව හුදකලා කර තිබේ.
ප්‍රදේශයේ පවුල් 26ක පුද්ගලයන් 115ක් පමණ නිරෝධායනයට යොමුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval