මේ වනවිට ශ්‍රී ලංකාවේ නළු නිළියන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද උදෑසන අපි හෙළි කළෙමු. ඉන් එක් අයෙකු සම්බන්ධ තහවුරු කිරීමක් අද සවස සිදුව තිබේ.
ටෙලි නාට්‍ය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ
ඔහුගේ බිරිය සිනමා නිළි චතුරිකා පීරිස් කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඔහු සහ දරුවාද මහරගම ප්‍රදේශයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව පවසන ඔහු මෙම රෝග තත්වය සැඟවිය යුතු දෙයක් නොවන බවත් චතුරිකාගේ තත්වය යහපත් යයි හැඟෙන බවත් දන්වා සිටියේය.

තමන් හා චතුරිකා එදිනෙදා කලා කටයුතු කිරීමේදී සමාජය හා ගැවසීමේදී මෙම රෝගය වැළඳෙන්නට ඇතැයිද ඔහු කියයි. මෙම රෝගයෙන් ප්‍රවේශම් වෙන ලෙසද ඔහු රසිකයින්ට දන්වා සිටියි.
අදාළ වීඩියෝව පහතින්