මහනුවර ජාතික රෝහලේ කල අහඹු PCR පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.


මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස PCR පරීක්ෂණයට භාජනය කරන බවත් එලෙස පෙරේදා (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී තිබෙන බවත් වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කොවිඩ් ආසාදිත හෙද නිලධාරිනියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බව වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.