විල්පත්තු ප්‍රදේශයේ පිහිටි කල්ලාරු වනය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට නිගමනය කරමින් අභියාචනාධිකරණය අද 16 දින ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙයි.
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර සිටියේ සිය පුද්ගලික ධනයෙන් එම ප්‍රදේශය තුළ නැවත වන වගාව සිදුකරන ලෙසයි.
එසේම පෙත්සම්කරුවන් වැය වූ නඩු ගාස්තු ගෙවීමට ද අධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියෝග කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval