මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වන 200 න් 200 ලබා සම මුල්තැන ලබාගත් සිසුසිසුවියන් 10 දෙනෙකු වාර්තාවී තිබේ. මෙවැනි වාර්තාවක් පිහිටුවා ඇත්තේ
පළමු වරටය. රජයේ චක්‍රලේඛ අනුව පළමු ස්ථාන ලබාගත් අය ප්‍රසිද්ධ කිරීම විභාග කොමසාරිස්වරයාට කළ නොහැකිය. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිඵල නිකුත්වූ වේලාවේ සිට ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් පළමු තැන ලබාගත් සිසුසිසුවියන් ගැන විස්තර ප්‍රසිද්ධ කරන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව වාර්තාවන සම මුල්තැන් ලබාගත් 10 දෙනා ගැන දැනට වාර්තාවන විස්තර හා ඡායාරූප පහත පරිදිය.


1 රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා හකුමුව මාන්නගේ
ඇහැලියගොඩ දන්දෙණිය පදිංචි මෙම දැරියගේ මව සහ පියා දෙදෙනම ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන අතර තම දියණියගේ ජයග්‍රහණය ගැන එම මව්පියදෙපළ සතුට පළකරති.


2. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ  සියති විතුම්සා කරුණාතිලක


3.ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි



4. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් පෙරමුණේ

 

5. බණ්ඩාරගම ජාතික පාසල හිනුද සස්මිත ගුණතිලක


6. දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත බණ්ඩාර හේරත්
මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම පාසැලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපීපෙනෙන  දස්කම් දක්වන සිසුවෙකු බව විදුහල්පති එච්.සී. රාජපක්‍ෂ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරියක වන පද්මා අයිරාංනී උඩගෙදර මහත්මිය සහ එම ආයතනයේම ක්‍ෂෙත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස සේවය කරන එච්.එම්. විජේරත්න මහතා සිසුවාගේ මාපිය දෙදෙනා වෙති.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල පිරිමි දරුවා වන තෙනුජ මනුමිත අනාගතයේ වෛද්‍යවරයෙකුවී රටට සේවය කිරීම සිය අරමුණ බව පවසයි




7.මරදාන සහිරා විද්‍යාලයේ ෆාර්සන් මොහොමඩ් අමාර්
සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික සිසුවෙකි.



8.තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ  තසිඳු කවිෂාන් 

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි තසිඳු කවිෂාන් පළමු ශ්‍රේණියේ සිටම තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.තසිඳු කවිෂාන් දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලෙ වැඩිමහල් දරුවා වේ.
විද්‍යාඥයකු ලෙස නාසා ආයතනයේ සේවය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව පැවසුවේය.

 9.මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එහාරා යෙත්මිණි ඈපා


10. අකුරැස්ස හේවගේ සිහත් සන්දිනු
 ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකු වන සිහත් සන්දිනු මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටී.
 මව ප්‍රාථමික පාසල් ගුරුවරියක වන අතර පියා ව්‍යාපාරිකයෙකි. සිය ජයග්‍රහණය වෙනුවෙන් මිත්තණිය මව පියා ඇතුළු පවුලේ අය දැක්වූ උපකාරය මෙන්ම පාසලෙන් ලැබුණ පිටුබලය අගය කළ සිහත්ගේ අනාගත අභිලාෂය නාසා විද්‍යාඥයෙකු වීමට බවද පැවසුවේය.