නොවැම්බර් 19 දාට යෙදුණ ජාත්‍යන්තර පිරිමි දිනයේදී බොලිවුඩ් නිළි කාජල් සිය ජීවිතයේ සියලුම පිරිමින් පිළිබඳව හඬ අවදි කළ අතර ඇය ඔවුන් ගැන ආඩම්බර වන බවද පවසා තිබේ.




පිරිමින් විසින් කාන්තාවන්ව ආදරයෙන් රැක බලා ගන්නා බවත්, ඔවුන් අපට සැලකීමට අවශ්‍ය ආකාරයට එය ඉටු කරන බවත් තමන් හා සම්බන්ධ සියලු පිරිමින් ගැන තමන් ආඩම්බර වන බවත් පවසමින් ජාත්‍යන්තර පිරිමි දිනයේදී කාජල් සිය ඉන්ස්ටර්ග්‍රෑම්හි සිය සැමියා වන අජේ දේව්ගන් සහ ඥාති පුත්‍රයන් වන අමන් සහ ඩැනීෂ්ගේ පින්තූරයක් බෙදා ගනිමින් සටහන් කර තිබුණි.

කාජල් අජේ දේව්ගන් සමඟ විවාහ වී සිටින අතර නයිසා සහ යුග් යනු ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘ටන්ජාහි’ චිත්‍රපටය සඳහා දීවා අවසන් වරට අජේ දේව්ගන් සමඟ පෙනී සිට ඇත . මෙම චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන්, ශරද් කෙල්කාර් සහ නේහා ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය කරතිබේ.

කෙසේවෙතත් මේ දින වල ඇය මුම්බායිහි නාට්‍ය කලාව සමඟ ඩිජිටල් අවකාශයට පිවිසීමට සූදානම්ව සිටී.

එමෙන්ම ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි නිරන්තරයෙන් විවිධ සටහන් මෙන්ම ඡායාරූප පළ කිරීම් හරහා ඇගේ එදිනෙදා ජීවිතය පිළිබඳව රසිකයන්ව යාවත්කාලීන කරයි.
   -(රිස්මි ඉෂාරා)