සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට නියමිතව සිටි තරුණියකගේ රැකියාව අහිමි කිරිම් චේතනාවෙන් ඇයගේ පදිංචි නිවස පිටුපස කසිප්පු කැන් එකක් සඟවා ඒ ගැන තොරතුරක් පොලිසියට දුන් බව කියන අසල්වැසියෙක් මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරි පිරිසක් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගනු ලැබීය. මොනරාගල, කරඩුගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය ඊයේ (18 වැනිදා) පොලිසියේ සම්මුඛ පරීක්ෂණයට යාමට සූදානම්ව සිටින බව දැනගත් ම
සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී තවත් කසිප්පු බෝතලයක් හමුවී ඇති අතර, කසිප්පු බෝතල් පහක ප්‍රමාණයක් සැගවූ කෑන් එක තුළ තිබී හමුවී තිබේ. කරඩුගල පදිංචි මෙම 38 හැවිරිදි සැකකරු සියඹලාණ්ඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් කරඩුගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
-වැල්ලවාය අයි.ආර්. ඉන්දික -

Comments
Post a Comment
Your comment will be visible after approval