ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රමාද වෙමින් පැවති අවසන් ප්‍රතිඵලයෙන් කොටසක් නිකුත්වී ඇති අතර ඒ අනුව එක් අපේක්ෂකයෙකු ලබාගැනීමට නියමිත ඡන්ද ඒකක 270 පසුකර 284 දක්වා ගමන් කිරීම නිසා ජෝ බයිඩෙන් ඇමරිකානු ජනපතිවරණය ජයගෙන තිබේ.
පෙනිසිල්වේනියාවේ
ප්‍රතිඵලය සමග ජනපතිවරයාගේ ජය තහවුරුවී තිබේ.
ජෝ බයිඩෙන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය ඇමරිකානු ජනපතිවරයෙකු ලබාගත් වැඩිම ගණන වීමද වාර්තාවකි.
තවදුරටත් ඉදිරි ප්‍රතිඵල නිකුත්වීමට නියමිත වුවත් 270 පසුකළ නිසා ට්‍රම්ප්ට පරාජය වැළැක්විය නොහැකිය.
ජෝ බයිඩෙන්ගේ පත්වීමත් සමග ඇමරිකාවේ උපජනපති ධූරයට පළමු කළු ජාතික ඉන්දීය සම්භවය ඇති කාන්තාව කමලා හැරිස් පත්වන අතර එයද වාර්තාවකි.
රිපබ්ලිකන් ඩිමොක්‍රටික් පක්ෂ අතර නිරන්තරයෙන් බලය මාරුවන ඇමරිකාවේ මෙවර ඩිමොක්‍රටික් වාරය පැමිණ තිබේ.
ඇමරිකානු නව ජනපතිවරයා දිවුරුම් දෙන්නේ ලබන ජනවාරි මාසයේය. එතෙක් ට්‍රම්ප් රට පාලනය කරනු ඇත.
කෙසේ වෙතත් ට්‍රම්ප් දැනට කර ඇති ප්‍රකාශ අනුව ඔහු සාමකාමී බල හුවමාරුවක් සිදු කරනු ඇතිද නැතිනම් නීතිය හමුවේ තවදුරටත් සටන් කරනු ඇතිද යන්න ගැන අවිශ්වාස බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval