ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් වලට උදව් උපකාර කරන ඕස්ට්‍රේලියාවේ සිටින දරුවන් දෙන්නෙක් Chad and Jedd ගැන මෙම වීඩියෝව විශේෂ එකකි. ශ්‍රී ලංකාවේ අයට පිහිට වීම වෙනුවෙන් ඔවුන් දෙන්නා ඕස්ට්‍රේලියාවේදී මුදල් උපයන්නේ නොයෙකුත් අමතර වැඩ කිරීමෙනි. දරුවන්ට සිදු කිරීමට අමාරු ඉදිකිරීම් වැඩ අතුගාන වැඩ
අවන්හල් වැඩ ආදී විවිධ දේ ඔවුන් දෙන්නා ඕස්ට්‍රේලියාවේදී සිදු කර මුදල් උපයන අතර ඒවා ලංකාව වෙනුවෙන් එවනු ලබති.මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ලංකාවේ සිටින ප්‍රසන්න දසනායක නමැති ඔවුන් දෙන්නාගේ පියා වෙනුවෙන් Chad and Jedd පුතුන් දෙන්නා සිදු කළ අභියෝගයකි. එහිදී පියාටද ලංකාවෙ එවැනි වැඩ සිදු කර මුදල් උපයා පෙන්වන ලෙස දරුවන් දෙන්නා අභියෝග කර තිබේ. පුතුන් වෙනුවෙන් පියා අභියෝගයට දක්වා තිබෙන ප්‍රතිචාර මෙම වීඩියෝ වලින් පෙන්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval