මෙම මළ සිරුර පෙරේදා (14) පොලිසියට හමුව තිබේ. වජිර කපු මහතා යැයි ප්‍රදේශයේ ප්‍රසිද්ධ මෙම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මියගිය අය අංක 50/17 පදිංචි එස්. විපුල රෝහිත පෙරේරා (54) යන අය බවයි.
මියගිය පුද්ගලයාගේ පී.සී.ආර්. පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර රාගම රෝහලට යොමු කරන ලෙස රාගම රෝහලේ හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් ප්‍රනාන්දු මහතා පොලිසියට නියෝග කරනු ලැබීය.
ජාඇල පොලිස් ස්ථානාධිපති නිලන්ත තිබ්බටුගොඩ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් අමිල ශානක (12171) මහතා සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.
- ප්‍රසංග පෙරේරා -

Comments
Post a Comment
Your comment will be visible after approval