
“එන හැම කෙනාම කණා මුට්ටියට ගහනවා වගේ කරන්නන් වාලේ පී.සි.ආර්. කරන්නේ නැහැ" යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
පී.සී.ආර්. සියල්ල කරන්නේ ඉලක්කය බලා වෙඩි තියන ආකාරයට යැයි ද ඔහු ප්‍රකාශ කළේය. සුදත් සමරවීර මහතා මෙසේ ද කීවේය.
“අප පී.සී.ආර්. පරික්ෂණ කරන්නේ විශේෂ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. තවත් විදියකට කියනවා නම් විද්‍යාත්මක තෝරා ගැනීමකට අනුව. කණා මුට්ටියට ගහනවා වගේ එන හැම කෙනාම ඔහේ කරන්නන් වාලේ පී.සී.ආර්. කරන්නෙ නැහැ.
අප පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන්නේ පළමු පෙළ ආශ්‍රිතයන්. ඒ වගේම මේ රෝගයට වැඩියෙන්ම ගොදුරු විය හැකි පුද්ගලයන් හා කණ්ඩායම්. එසේ හඳුනා ගන්නා පුද්ගලයන් වැඩි පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණවලින් පොසිටිව් වෙනවා කියන්නෙ අපි හරියට ඒ නියැදිය තෝරාගෙන තියෙනවා. එහෙම නැතිව ඒ ජනගහණයෙන් වැඩි පිරිසක් රෝගීන් කියන එක නොවෙයි.
කොවිඩ් රෝගය ගිය සැරෙත් පාලනය කළේ හරියටම ඒ පී.සී.ආර්. ඉලක්කය බලා කරපු නිසයි. ඒක හරියට ඉලක්කය බලා කරන වෙඩි තැබීමක් වගෙයි."
- සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval