මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු
නිරෝධායනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.



මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුට කොවිඩ් - 19 ආසාදනය වීම

හේතුවෙන් මෙම නිලධාරීන් දෙදෙනා නිරෝධායනට ලක් කර ඇත.

මෙම නිලධාරීන් දෙදෙනා පොලිස් නිලධාරියා සමඟ කොවිඩ් - 19 වැලඳුණු රෝගීන් සම්බන්ධව රාජකාරි
කටයුතු සිදුකර ඇති බවත් පොලිස් නිලධාරියා සමඟ සමීප කටයුතු කිරීම නිසා මෙසේ නිරෝධායනයට ලක්කර
ඇති බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.


නිට්ටඹුව - මනෝජ් පතිරණ