නව කොරෝනා හෙවත් COVID-19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝවැක් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපදවා ඇති coronaVac එන්නත සතුව ක්ෂණික ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීමක් සිදුකිරිමේ හැකියාවක් පවතින බව එම සමාගම පවසයි.

මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ මූලික පරික්ෂණවල ප්‍රතිඵල අනුව එම සමාගම මෙම කරුණු අනාවරණය කරයි. ඒ අනුව හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා මෙම එන්නත වඩාත් සුදුසු බවද සමාගම සඳහන් කර සිටියි.

"මේ coronavac එන්නත COVID-19 වයිරසය වන SARS-cov-2 වෛරසයට
එරෙහිව ඉතා හොඳ ප්‍රතිචාර දක්වනවා. එන්නතේ තෙවැනි අදියරේ අධ්‍යයනයන්හිදී මෙය අනාවරණය කෙරුණා. ඒ අනුව චීනය තුළ හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි තත්ත්වයට මේ එන්නත පත්ව තිබෙනවා." සමාගම පවසයි.

සමාගමට අනුව මේ දක්වා සිදුකර ඇති එම එන්නත් පළමු වැනි අදියරේ සහ දෙවැනි අදියරේ සායනික පරික්ෂාවන් සඳහා 700කට අධික පිරිසක් සහභාගි කරවාගෙන ඇත. ඒ අනුව දින 14ක විරාමයකින් පසුව ලබාදෙන එන්නත් දෙකක් හරහා සති හතරක ප්‍රතිශක්තිකරණයක් වෙත ක්ෂණිකවම ප්‍රතිදේහ තුළ ප්‍රතිචාර දැක්වීමක් සිදුකරන බවද හඳුනාගෙන ඇතැයි සමාගම පවසයි.