බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු ඔවුන්ගේ 73 වන විවාහ සංවත්සරය අද දින සමරනු ලබන අතර   ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන්ගෙන් එම දෙපලට හැඟීම්බර තෑග්ගක් ලැබී තිබේ. ඔවුන් එම දෙපලට ලබා දී ඇත්තේ නිවසේදීම සැකසූ අපූරු සුබපැතුම් කාඩ්පතකි.

බකිංහැම් මාලිගය වර්ණවත් කරන ම
ෙම 94 හැවිරිදි රැජිනගේ සහ 99 හැවිරිදි පිලිප් කුමරුගේ විවාහ සංවත්සරය වෙනුවෙන්, ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය, ලුවී කුමරු, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ ද සුබ පැතුම් එක්කර තිබේ. රාජකීය යුවළ තම දරුවන්ගෙන් ලද මෙම කාඩ්පත විවෘත කර බැලීමෙන් ඉතා සතුටට පත් වූ බවද විදෙස් පුවත් සඳහන් කරයි.

වයස අවුරුදු 21 හැවිරිදි වියේදී , එනම් 1947 නොවැම්බර් 20 වන දින එලිසබෙත් කුමරිය වෙස්ට්මිනිස්ටර් ඇබේහි රාජකීය නාවික හමුදාවේ ලුතිනන් පිලිප් මවුන්ට්බැටන් සමඟ විවාහ වී ඇත. අනතුරුව 1952 දී ඇය රාජකීය බිසව ලෙස කිරුළු දරා ඇත. කෙසේවෙතත් අනෙකුත් රාජකීයයන්ට සාපේක්ෂව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙකු වශයෙන් වඩා දීර්ඝ කාලයක් ඇය සිය පාලන කටයුතු තුළ රැඳී සිටියි.

එලිසබෙත් රැජින සිය රාජකාරී කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන  අතර 99 හැවිරිදි පිලිප් කුමරු ද ඇයට සිය සහයෝගය ලබා දෙනු ඇත. නමුත් ඔහු සිය වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ගොස් සිටියි.

කෙසේවෙනත් COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා එංගලන්තය විසින් විවිධ ප්‍රදේශයන් lockdown කර ඇති හෙයින්, මෙම යුවළද වින්ඩ්සර් කාසල්හි ස්වයං නිරෝධායනය වෙමින් සිටියි.
 -(රිස්මි ඉෂාරා)