කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (23) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී සොයාගත් කොරෝනා වයිරස ආසාදිතයින් 121 දෙනා අතුරින් රෝගීන් 25 දෙනකුම වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 24ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 15ක්, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 10ක්, වැල්ලවත්ත ප්‍රදේශයෙන් 11ක්, මරදාන ප්‍රදේශයෙන් 07ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 05ක්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 05ක්, කුරුඳුවත්ත ප්‍රදේශයෙන් 03ක්, කොටහේන ප්‍රදේශයෙන් 03ක්, නුගේගොඩ ප්‍රදේශයෙන් 03ක්, බම්බලපිටිය ප්‍රදේශයෙන් 02ක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 02ක් ද වැල්ලම්පිටිය සහ ඇතුළුකෝට්ටේ ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින් ද කොරෝනා රෝගීන් වාර්තා වී තිබේ.
ඊයේ (23) පෙරවරුව වනවිට දිවයිනෙන් වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිත මුළු සංඛ්‍යාව 400කි.

Comments
Post a Comment
Your comment will be visible after approval