ළමා රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනකුට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවත් වෛද්‍යවරුන් 5
දෙනකුට, හෙදියන් දෙදෙනකුට සහ සුළු සේවකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.


එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ ආසාදිතයන් ලෙස හඳුනා ගත් වෛද්‍යවරුන්
අතර සීමාවාසී වෛද්‍යවරුන් 4 දෙනකු සහ ජේ‍යෂ්ඨ වෛද්‍යවරයකුද සිටින බවයි.

එම වෛද්‍යවරුන් පස්දෙනා සහ එක් හෙදියක් පෙරේදා (08දා) සහ 7 වැනිදා කොරෝනා ආසාදිතයන්
ලෙස හඳුනා ගෙන ඇති අතර අනෙක් හෙදියන් සහ සුළු සේවකයන් දෙදෙනා කොරෝනා ආසාදිතයන් ලෙස
ඊයේ (09දා) හඳුනාගෙන ඇත.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ඔවුන්ගේ ආශි්‍රතයන් 80ක් පමණ මේ වන විට
නිරෝධායනයට යොමුකර ඇති බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය. ඒ අනුව ආසාදිතයන් හමුවූ
වාට්ටු සහ ස්ථාන විසබීජහරණය කර එම පිරිස් වෙනුවට වෙනත් කාර්ය මණ්ඩල යොදවා රෝහලේ කටයුතු
බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.