ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව ධවල මන්දිරයේ කටකතා සහ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ඉදිරිපත් කිරීම සැලසුම වී තිබේ.
මෙහිදී බොහෝවිට එම නාලිකාව Trump TV හෝ TNN (Trump Nepotism Network) ලෙස නම් කෙරෙනු ඇතැයි පැවසෙයි. එසේම ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ ස්වාමියා වන ජෙරාඩ් කුෂ්නර් වෙත නාලිකාවේ මෙහෙයුම් භාරවෙනු ඇති බවත්, පුවත් සියල්ලම ට්‍රම්ප් හා සම්බන්ධ පුවත් වනු ඇතැයිද පැවසෙයි. එසේම විනෝදාත්මක සහ රියැලිටි වැඩසටහන්ද මෙහි විකාශය වනු ඇතැයි සඳහන් වෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval