
මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් ගාඩ්මෝර් තේ
වතුයායේ ෆෝග්මෝර් කොටසෙන් තවත් කොරෝනා රෝගියකු 10දා වාර්තා වී ඇත.
වයස අවුරුදු (12)ක පාසල් දැරියක් මෙසේ ආසාදිතයෙක් ලෙස සොයාගෙන ඇති අතර මෙම දැරියගෙන්
ඉකුත්දා (05දා) ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් ඇය ආසාදිතයකු බවට අනාවරණය වී තිබේ.
එම දැරියගේ පියා මීට ප්‍රථම කොරෝනා රෝගියෙක් බවට වාර්තා වී ඉකුත්දා (05දා) හම්බන්තොට
කොරෝනා ආසාදිතයන්ගේ රෝහල වෙත ඇතුළත් කළ බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
රෝගී වූ දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකරන ස්ථානයක සේවය කර නිවෙසට පැමිණ
සිටියදී ආසාදිතයෙක් ලෙස වාර්තා වූ අයෙකි.
මෙම ආසාදිත දැරියත් සමඟ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන
විට කොරෝනා රෝගීන් 16 දක්වා ඉහළ ගොස් ඇත.
හැටන් - චන්න අද්දරගේ
Comments
Post a Comment
Your comment will be visible after approval