සාමාන්‍යයෙන් රටක රජයේ රෙගුලාසි අනුව පාරේ ගමන් කළ හැකි වාහන සඳහා මගී ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් පවතින අතර මේ සඳහා crash-test පවත්වා අදාළ අගයන් මත වාහනය අලෙවි කිරීමට ඉඩදීම හෝ නොදීම සිදුවේ.
යාහූ ස්පොර්ට්ස් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට 2020 නොවැම්බරයේදී ග්ලෝබල් එන්.සී.ඒ.පී. විසින් ඉන්දියානු වෙළඳපොලේ අළුතෙන් අලෙවියට තබා ඇති  මරුටි-සුසුකි එස්-ප්‍රෙස්සෝ මෙම පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ වෙත ශුන්‍ය (0) තරු ශ්‍රේණිගත කිරීමක් ප්‍රදානය කර තිබේ.

මෙමගින් එම වාහනය අනාරක්ෂිත බවට කරුණු දක්වා ඇත.පැයට සැතපුම් 40 ක පමණ වේගයකින් ගොස් සිදු කරන අනතුරකදී වාහනය විකෘති භාවයට පැමිණෙන බව දක්වා ඇත. රියදුරුගේ පපුවට හානියක් සිදුවනු ඇතැයි අනුමාන කෙරේ. පුදුමයට කාරණාව නම්, එස්-ප්‍රෙස්සෝ තනි වායු බැගයකින් සමන්විත වීමය.


පර්යේෂණයෙන් පසුව  "එහි ව්‍යුහය අස්ථායී" යැයි ශ්‍රේණිගත කර ඇති අතර එය වැඩිදියුණු කළ යුතුයයි අවවාද කර ඇත.
තරුණ පිරිස් ඉලක්ක කර SUV රථයක් ලෙස අලෙවිකරන මෙම මෝටර් කාරය 2019 අග භාගයේදී ඉන්දියානු වෙළඳපොලට නිකුත් කරන ලදී. 

එය අඩු මිලට වාහන ලබාගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් අවම වියදමකින් ඉන්දියාවේ නිෂ්පාදනයක් ලෙස දකුණු අප්‍රිකාව, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන වෙළඳපල අතළොස්සක විකුණනු ලබන බවද එම වෙබ් අඩවියේ දැක්වේ.

වැඩිදුර විස්තර මුල්වාර්තාව මෙතැනින්
https://ca.sports.yahoo.com/news/zero-stars-crash-test