
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස
කටයුතු කළ බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් ඔවුන්ට විරුද්ධව ඇති රජයේ මුදල් අවභාවිතා කිරිමේ නඩුවදොම්පේ, මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා ගොනු කර ඇත.
බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවේ පෙනි නොසිටි අතර විත්තිකරුවන් දෙදෙනා අසනීප තත්වයෙන් සිටින හෙයින් කොවිඩි – 19 වසංගත තත්වය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මහාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
දිනයක් ලබා දෙන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහාධිකරණය නැවත නඩු විභාගය 2021 මාර්තු මස 12 වෙනිදාට කල් තැබිණි.

