කොළඹ 7 රේස්කෝස් පෙදෙසේ සුපිරි වෙළෙඳ සංකීරණයේ පිහිටි අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් බව කියන ව්‍යායාම් මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ 110 ක බදු පොල්ලක් හේතුවෙන් එහි ජලය හා විදුලිය කපාහැර තිබියදී
නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නියෝගයකින් ඊයේ (23) නැවත ජලය හා විදුලිය ලබාදී ඇති නමුත් පැය කිපයකට පසුව ජල හා විදුලි සැපයුම යළි අත්හිටුවා ඇතැයි එම අධිකාරියේ ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳව කරන ලද විමසුමකින් පසුව පැයක් ඇතුළත එම පහසුකම් නැවත අත්හිටුවා ඇත්තේද ඉහළ නියෝගයකින් බවද පැවසේ.

මෙම ව්‍යායාම් මධ්‍යස්ථානය මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චූදිත අර්ජුන් ඇලෝසියස් මහතාගේ නමින් වෙනත් පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන එකක් බවද දැනගන්නට තිබේ.

හිඟ මුදල් නොගෙවීම මත මෙහි ජලය හා විදුලිය සැපයුම් අත්හිටුවනු ලැබුවේ පසුගිය 19 වැනිදාය.

- ජයන්ත සමරකෝන් -