මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කොටිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යුද හමුදාපති
ශවේන්ද්‍ර සිල්වා මහතා
එකගතාව පළ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවැසීය. එහිදී කොරියාවේ හා මැද පෙරදිග රැඳී සිටින පිරිස් පළමුවෙන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව ද රන්දෙණිය මහතා කීය. කොරියාවේ රැකියා සඳහා යෑමට පිරිසක් සිටින බැවින් එහි සිටින පිරිස් ගෙන්වා ගැනීම ඉක්මන් කළ යුතුව ඇතැයි |ද ඔහු කීවේය.. මැද පෙරදිග රටවල රැකියා අහිමිව සිටින අය ද ඉක්මනින්
ගෙන්වාගත යුතු බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වඩාත් ප්රමුබතාව දිය යුතු පිරිස්වලට ප්‍රමුඛතාව දෙමින් ඔවුන් ගෙන්වා ගන්නා බව ද පැවැසීය.
(විනීතා එම්. ගමගේ)