දීර්ඝ සතිඅන්තය ඇරඹි පසුගිය බ්‍රහස්පතින්දා(29) සවස් කාලයේ ජනතාව පිරිසක් බස්නාහිර පළාතෙන් පිටතට දකුණට පළාගිය බවට පළවන වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ එවැනි

පැනගිය පුද්ගලයින් අල්ලන්නට මෙහෙයුමක් ක්‍රියාත්මකවුවත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත් එලෙස පැනගිය අය සිටි හෝටලයක් හෝ ලැගුම් හළක් හසු නොවූ බවයි.

තම පවුල සමග සිටීමට ගමන් කළ අය සිටි නමුත් ඔවුන් පළාගිය අය ලෙස අර්ථ දැක්වීම බස්නාහිර පළාතේ පුද්ගලයින්ට කළ අගෞරවයක් බවත් මෙම ප්‍රචාරය ගෙනගියේ සමාජ ජාලා බවත් ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශක නි. පොලිස්පති අජිත් රෝහණ මහතා බස්නාහිර පළාතින් ගිය පිරිස් සොයා හෝටල් හා ලැගුම්හල් පරික්ෂාවකට ලක් කරන බවත් එසේ ගමන් කළ අය අධිවේගී මාර්ග පිවිසුම් අසලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පැවසු කතාව බොරුවක් නොවන බව කියා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ එලෙස අදහස් දැක්වූයේ ජනතාවගේ ආරක්ෂාව පිණිස දැනුවත් කිරීමට පමණක් බවයි.

ඒ අනුව එවැනි මෙහෙයුමකින් කිසිවෙකු හසුව නැති බව ඔහු නැවත අවධාරණය කළේය.