ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල

පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු හුදෙකලා කර ඇති

අතර, දැනට ඒවායේ සේවය කරන සෙබළුන් දස දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ.

අදාළ කඳවුරුවලට අනුයුක්ත සෙබළුන් මේ වනවිට කඳවුරුවලට කැඳවා ඇති අතර, මුළුතැන්ගෙය සඳහා මාළු

ලබාගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම හේතුවෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී

ඇතැයි සැකපළ කෙරෙනවා.