පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගිය වෙළෙඳුන් ආශ්‍රිත දෙහිවල ප්‍රදේශයේ 144 දෙනකු නිරෝධායනයට යොමුකර පිහිටුවා ඇති සාන්ත ජෝන් ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ සිටින අයගෙන් තිදෙනකුට ඊයේ (25) පැමිණි පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව වයිරසයට ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම තිදෙනා වහාම ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය
නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර අනෙක් 141 දෙනා විදුහල් ශාලාවලම  වැඩිදුරටත් නිරෝධායනය සඳහා යොමුකළ බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය පරික්ෂක එම්.ජී. අජිත් සංජීව මහතා පැවැසිය.

තව ද දෙහිවල හිල්ඩා නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති මාළු වෙළෙන්ඳාගෙ පවුලේ සාමාජිකයන් අටදෙනකු ඇතුළු තවත් පවුල් හයක සාමාජිකයන් එම නිවාසවලම නිරෝධායනය කරවීමටත් ආසාදිත පුද්ගලයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරවීමටත්, නිවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව පිටතට යා නොහැකි පරිදි විශේෂ පොලිස් මුරපොළක් ඊයෙ (25) ස්ථාපිත කරනු ලැබිණැයි ද සියලු ප්‍රදේශ විෂබීජානුහරණයට ලක්කළ බවත් අජිත් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටී.

  - එච්.එම්. ධර්මපාල -