ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු
පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඊයේ ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බවත් ඔහු පැවැසීය.

කෙසේ වෙතත් විසිවැනි සංශෝධනය තුළ ද්විත්ව පුරවැසි වගන්තිය ඒ ආකාරයෙන්ම පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

20 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමේ වරම ලැබීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බවට කටකතා පැතිර තිබෙන අතර ඔහු එලෙස පැමිණි පසු එම වගන්තිය ඊළඟ ව්‍යවස්ථාවෙන් අහෝසි කළොත් ඔහුගේ මන්ත්‍රීධූරයට ගැටලුවක් නොවන්නේ නීතිය බලාත්මක කාලයේ ඔහු ඇතුළට පැමිණි බැවිනි.