මෙවර කොරෝනා දෙවන රැල්ල පැතිරගියේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බ්‍රැන්ඩික්ස් නියෝජිතයින් හරහා යයි පසුගිය කාලයේ පැතිර ගිය ආරංචි සියල්ල බොරු කරමින් එහි ආරම්භය පිළිබඳ අවසාන නිගමනය හෙළිදරව් කිරීමට හමුදාපතිවරයා කටයුතු කර තිබේ. ඔහු මාධ්‍ය අමතා දන්වා ඇත්තේ මෙම කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවයි. ඒ බව මේ වනවිට තහවුරු වී තිබෙන බවද
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. ඒ නිසා මහජනතාව ගැවසෙන උත්සව, සාද

සංවිධාන නොකිරීම හා ඒවාට සහභාගි නොවී සිටීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම බවද

හමුදාපතිවරයා අවධාරණය කරමින් කියා සිටියි.

කෙසේ වෙතත් මේ මංගල සාද 2 කුමක්දැයි ඔහු නිශ්චිතව දන්වා සිටියේ නැත.

එම එක් සාදයක් යයි අනුමාන කළ හැක්කේ පසුගියදා කතෝලික නිකායක් මගින් පවත්වන්නට යෙදුණ මංගල උත්සවයයි. කෙසේ වෙතත් ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු

කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම හෙළිදරව්ව සමග පවසා ඇත.