විශ්වවිද්‍යාල විභාග Online හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරයි. ඔහු පවසන්නේ රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමට එම පියවර ගන්නා බවයි.


මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු දැනුවත් කිරීමට සහ ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිත සිසුවියක් හමුවීමත් සමඟ නිරෝධායනයට ලක් කළ ඇයගේ පළමු මට්ටමේ ආශ්‍රිතයන් 35 දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.