වැලිගම ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරියක වන 28 හැවිරිදි එක්දරු මවක අසල්වාසී නිවසක වයස 15 පිරිමි දරුවෙකු සමග පැනයාම සම්බන්ධ පසුගිය දිනවල ආන්දෝලනාත්මකව වාර්තාවූ සිදුවීමට අදාළ අලුත්ම තොරතුරු මේවනවිට ලැබෙමින් පවතී.

නවතම තොරතුරු අනුව මෙම පිරිමි දරුවා ලිංගික ක්‍රියාකාරකම් සඳහා ගුරුවරිය විසින් රවටාගෙන අපයෝජනයට ලක්කර ඇති බව පොලිසියේදී හෙළිව ඇත.

අසල්වාසී නිවසේ පිරිමි දරුවා ඇතුළු 8 දෙනෙකුට ගුරුවරිය විසින් සිය නිවසේ සිටියදී විවිධ විෂයන් උගන්වමින් සිට ඇති අතර 9 ශ්‍රේණීය ඉංග්‍රීසි විෂය සඳහා මුලින් පැමිණි පිරිමි දරුවා කෙරෙහි කැමැත්තක් ඇති කරගෙන තිබෙන ගුරුවරිය පසුව ඔහුට තවත් විෂයන් සඳහාද පැමිණෙන්නැයි ආරාධනා කර තිබේ. පිරිමි දරුවාගේ මව පවසන්නේ කොරෝනා ආසාදන වාතාවරණය නිසා මේ තාක් දුර ස්ථාන වලට දරුවා ටියුෂන් පන්තිවලට යැවූ නමුත් සෞඛ්‍ය ආරක්ෂාව තකා ඒවා නවතා අසල්වාසී නිවසේ ටියුෂන් පන්තියට දරුවා යොමු කළ බවයි.


මුලින් එක් විෂයකට ගිය දරුවා පන්තිය ගැන වර්ණනා කළ නිසා අනෙක් විෂයන්ටද යවන්නට තීරණය කළ බව පවසන දරුවාගේ මව විෂයන් වැඩි වුවත් සහන ගාස්තුවක් අයකරන බව ගුරුවරිය දැන්වූ නිසා එයට දරුවා උනන්දු කළ බවයි.

මේ ආකාරයට ටියුෂන් නිවසේ දවසේ වැඩි කාලයක් ගතකර ඇති 15 හැවිරිදි පිරිමි දරුවා ටියුෂන් පන්තියක් ඇරී අනෙක් පන්තියක් ආරම්භ වනතුරු කාලයේ ගුරුවරිය සමග සමීප සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බව පැවසේ. එක්දරු මවක වූ 28 හැවිරිදි ගුරුවරියගේ ස්වාමියා දුර පළාතක සේවය කළ නිසා නිවසට පැමිණ ඇත්තේ අඩුවෙනි. දරුවා බලාගන්නට උදව් කර ඇත්තේ මවයි.

ටියුෂන් පන්ති පැවැත්වෙන වෙනම සකස්කළ ස්ථානයට ගුරුවරියගේ මව හෝ කුඩා දරුවා කලාතුරකින් පැමිණෙන බවත් වාර්තා විය. ටියුෂන් පන්ති අතරවාරයේ ලැබෙන විවේකයේ කාටත් රහසින් ගුරුවරිය හා ගෝලයා අතර ආදර සම්බන්ධයක් වර්ධනය වී ඇත. පොලිසිය ලබාගත් කට උත්තර අනුව මෙය ශාරීරික සම්බන්ධයක් දක්වාදුර දිග ගොස් ඇති අතර අවසානයේ දරුවාද එයට පෙළැඹවීමක් ඇති කරගෙන තිබේ. තම නිවසේ සිටියදී ටියුෂන් පන්තියට උදෙන්ම යාමට දරුවාට අධික උනන්දුවක් තිබීම ගැන දරුවාගේ මවට සැකයක් ඇතිවුවද 'ඒ ටීච හොඳට කියලා දෙනවා' කියමින් ඔහු එහියාමට හේතු දැක්වූ බව මව පවසා තිබේ.

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවා මේ ආකාරයට කාලයක් තිස්සේ ගුරුවරිය විසින්  ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර අවසානයේ ගුරුවරියට සමාජ සාධක නොසලකා දරුවා සමග එකට ජීවත්වීමේ උවමනාවක් පහළවී ඇත. 'අපි පැනලා යමු' යයි ඇය දරුවාට යෝජනා කර තිබෙන බවත් දුරදිග සිතන්නට කල්පණාවක් නැති දරුවා එයට එකඟවී ඇති බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. අපිට ඉස්සරහට සල්ලි ටිකක් ඕනවෙයි ගෙදර තියන වටින දෙයක් තියේනම් ගේන්නැයිද ගුරුවරිය උපදෙස් දී ඇති අතර දරුවා නිවසේ තිබෙන රත්‍රං බඩු කිහිපයක්ද මේ නිසා සොරාගෙන ළඟ තබාගෙන ඇත.

සිද්ධිය වූ දිනයේ ගමන් මල්ලකට ඇඳුම් පැළඳුම් දමාගෙන දරුවා ටියුෂන් පන්ති එනතුරු ගුරුවරිය සූදානම්ව සිට ඇති අතර දරුවාට රැඳෙන්න කියා ටියුෂන් පන්තියට ආ පිරිස පිටත් කර තිබේ. අනතුරුව ත්‍රීරෝද රථයක් නිවසට ගෙන්වාගෙන දරුවා සමග පළාගොස් තිබේ.

15 හැවිරිදි පිරිමි දරුවා සමග ඔහුගේ නැගණියද එදින ටියුෂන් පන්තියට ගියත් නැගණිය සොයුරා නැතිව යළි පැමිණීම ගැන සැකකළ මව මේ ගැන සෝදිසි කර තිබෙන අතර ටියුෂන් ගුරුවරියගේ නිවසේ අයට මේ ගැන විශේෂත්වයක් නොතිබීමද සැකයට හේතුවී ඇත. දරුවාට ජංගම දුරකථනයක් තිබුණත් ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු දී නැත. ගුරුවරියද එසේ කර ඇත.

මව අනතුරුව පොලිසියට මේ ගැන පැමිණිලි කළාය.

දින 6 ක් ගතවනතුරුත්

දරුවා හෝ ගුරුවරිය ගැන ආරංචියක් ලැබී නැත.

වැලිගම පොලිසිය විසින් දරුවාගේ දුරකථන අංකය පිළිබඳ සිතියම් වාර්තා අධිකරණ අවසරය මත දුරකථන සමාගම මගින් ලබාගත් අතර සංඥා හුවමාරුවන ස්ථාන ගැන විමර්ශනයක්  සිදු කිරීමේදී අවස්ථා කිහිපයකදී දුරකථනය ක්‍රියාත්මකවී නැවත වසා දමා ඇති බවත් එම ස්ථාන අතර කොළඹ හා මහනුවරත් අනතුරුව නුවරඑළියත් සටහන් වන බව හඳුනාගෙන ඇත.

සිතියම් වාර්තා ලැබෙන අවස්ථාව වනවිට නුවරඑළියේ එක්තරා හෝටලයක් සලකුණූවී ඇති අතර පොලිසිය එහි ගොස් දරුවා හා ගුරුවරිය පහසුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සිය කැමැත්තෙන් පළාගියත් වයස 16 සම්පූර්ණ නොවූ බාලවයස්කාර සිසුවෙකු වූ බැවින් මෙම ගුරුවරිය සිදු කර ඇත්තේ දණ්ඩනීති සංග්‍රහය ප්‍රකාර වරදක් බැවින් මෙම අත්අඩංගුවට පත්කිරීම සිදුව ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමුව කොළඹ ප්‍රදේශයේ ලොජ් එකකත් පසුව මහනුවර හා නුවරඑළියේ කුඩා හෝටලවලත් දරුවා සමග නැවතී සිටි බව පිළිගෙන ඇත.

සිසුවාට ලිංගික කටයුතු සඳහා පෙළැඹවීමක් ලෙස ජංගම දුරකථනයේ ඇතුළත් කර තිබූ ඇතැම් අසැබි දර්ශන වීඩියෝද ගුරුවරිය විසින් ටියුෂන් පන්ති අතර කාලයේ නිරන්තරයෙන් පෙන්වූ බවද වාර්තාවී තිබේ.පැනයාමෙන් පසු ඇය විසින් දරුවා ලිංගික ක්‍රියාකාරකම් වලට යොදවාගෙන ඇති බව දරුවා සිදු කළ ප්‍රකාශයන් මගින් පිළිබිඹු වී ඇති අතර එය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඉදිරියේදී කටයුතු කරනු ඇත.අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නම් කර පොලිසිය මේ වනවිට නැවත නිවසට යවා ඇති ගුරුවරිය නිවසට යාමෙන් පසු පවුලේ අයට හා නිවැසියන්ට මුහුණදීමට අපහසු තත්වයක පසුවන බවද වාර්තාවී ඇත.


සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා

15 සිසුවා සමග පැනගිය 28 ගුරුවරිය නුවරඑළියේ දී අත්අඩංගුවට 
15 සිසුවා සමග උපකාර පන්ති ගුරුවරිය දින 06ක සිට අතුරුදන්