වෙළෙඳ පොළ තුළ විවිධ මිල ගණන් යටතේ මේ වන විට අලෙවි වන ශ්‍රී ලංකා තේ ග්‍රෑම් 100ක් සඳහා රුපියල් 100ක පාලන මිලක් නියම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පැවසීය.




අමාත්‍යාංශය සඳහන් කර සිටියේ මිනිසුන් පීඩාවට පත්වූ අවස්ථාවල අධිප්‍රාමාණික ලාභ ලබන්නන්ට කිසිඳු අවස්ථාවක් ලබා නොදීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව මේ දිනවල අත්‍යවශ්‍ය මුහුණු ආවරණ ප්‍රමිතියෙන් හා ගුණාත්වයෙන් යුතුව නිෂ්පාදනය කරනු ලබන දේශීය නිෂ්පාදකයකු සමඟ ගිවිසුම්ගතව සතොස ඇතුළු රාජ්‍ය ආයතනයන්හි සහයෝගයෙන් එහි උපරිම සිල්ලර මිල රුපියල් 20කට යටත්ව නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යාංශය කීය.
- නිදර්ශනී වික්‍රමසිංහ -