සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. 
 එම කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂකවරියන්
දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග මෙම පියවර ගත් බව සපුගස්කන්ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. 
 ඒ අනුව, එහි සේවකයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 
 මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකුගේ සහෝදරයෙකු මෙම ස්ථානයට පැමිණ ඇති බවද සපුගස්කන්ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. 

 තාරක සම්මාන්