
මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට පර්යේෂණ මගින් හෙළිව ඇතැයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ දන්වා තිබේ.
මෙම වෛරසය සාන්ද්‍රණයෙන් ඉහළ බවත් යුරෝපයේ
පර්යේෂණ කන්ඩායමක් සමග දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමේ පර්යේෂණයකින් පසුව මේ බව අනාවරණ වූ බව ඇය දන්වා ඇත.
ඇයගේ පර්යේෂණ වාර්තාව අද(31) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග බලධාරීන් ගනු ඇතැයි ඇය අපේක්ෂා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval