ඉන්දියාවේ කොරෝනා වසංගත තත්වය මේ වනවිට වෙනස් වෙමින් පවතී. ඇතැම් ප්‍රදේශ දරුණු ලෙස ආසාදනය පැතිර යද්දී තවත් ප්‍රදේශ වල අඩුවෙමින් පවතී. විශාල භූමි ප්‍රදේශයක් ඉන්දියාවට අයත්වන නිසා මුළු රටම වසංගතය වෙනුවෙන් වසාගෙන සිටිය යුතු නැති බවට මධ්‍යම රජය අදහස් කර තිබේ.


දැනට කේරළය හා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වල කොරෝනා වසංගත තත්වය ඉහළටම එසවී පැවතියත් දිල්ලියේ අඩුවෙමින් පවතින බව එරට බලධාරීන් ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් පවතින සංඛ්‍යා ලේඛන අනුව එලෙස විශාල අඩුවක් පෙන්වන්නේ නැත.

මාර්තු මාසයේ රටම අගුළු දැමීමෙන් මාස කිහිපයකින් පසු එරට බස්රථ ධාවනය යළි ඇරඹූවත් එක් බස් රථයක මගීන් 20 සීමාවක් පැවතිණි.
වසංගතය පහව යන බව පවසමින් පූර්ණ  ආසන ධාරිතාවයකින් යුත් බස් රථ ධාවනය කිරීමට ඉඩ ලබා දෙන ලෙස රජයේ ඉල්ලීමට

දිල්ලි ආණ්ඩුකාර අනිල් බයිජල් අද(31)  අනුමැතිය ලබා දී ඇත.

නමුත් සෞඛ්‍ය අංශ මෙම තීරණයට කැමැත්ත පළ කර නැත.