ජනප්‍රිය චිත්‍රපට මාලාවක්වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල කාලයක් ප්‍රධාන නළුවා ලෙස රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි අද මියගියේය. ඔහු මිය යන විට වයස අවුරුදු 90 කි.
ස්කොට්ලන්ත බැෆ්ටා සම්මානලාභී මෙම සුපිරි නළුවා 1962 සිට 1983 දක්වා ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හතක බ්‍රිතාන්‍ය ඔත්තුකරු ලෙස රඟපෑවේය.
ඔහු බොන්ඩ් රංගනයට දිගටම සම්බන්ධ නොවූයේය. අවසන් කාලය වන විට භූමිකාව ගැන කලකිරීමට පත් වූ අතර, ඔහුගේ මිතුරු ශ්‍රීමත් මයිකල් කේන් සමග සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළේ “ වෙන චරිත වලින් දකින්න මිනිසුන් නොකැමති වුණා ඒක මට කරදරයක් වුණා. ” ලෙසිනි.

Comments
Post a Comment
Your comment will be visible after approval