කොරෝනා වෛරසය නැවත පැතිරයාම නිසා සතියක් පමණ කාලයක් ඉදිරිව තිබියදී පසුගිය වාරයේ අධ්‍යාපන කටයුතු නවතා දමන්නට රජයේ පාසල් තීරණය කර තිබුණි. නමුත් දැන් නියමිත නිවාඩුව අවසන් කර ලබන නොවැම්බර් 9 යළි පාසල් විවෘත කිරීමට නියමිත වුවද එය ප්‍රායෝගිකව සිදු කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බවත්
යළි පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදුවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට පාසල් සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා රෝගයට ගොදුරුව තිබීම හා පොලිස් බල ප්‍රදේශ 122කට නිරෝධායන ඇඳිරී නීතිය පනවා තිබෙන පසුබිමක පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඉල්ලා ඇති බව පවසන ඔහු බොහෝ දුරට පාසල් යථාපරිදි ආරම්භ කිරීම දැන්ම කිරීමට බැරිවනු ඇතැයි ඉඟි කර තිබේ.
මෙයට විකල්පයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට යළිත් දුරස්ථ අධ්‍යාපන කටයුතු විධිමත්ව ආරම්භ කරන්නට සිදුවන බව ඔහු කීය.

Comments
Post a Comment
Your comment will be visible after approval